2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ඉදිරි ගමන මාස හයෙන් ඉවරයි - සජබ මන්ත්‍රී හරීන්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ ඉදිරි ගමන තව මාස හයකින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.

රජයේ සේවකයන්ට තව මාස හයකට පසුව වැටුප් ලබාදීමට රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ මුදල් ගෙවිය හැකි බවත් ඉන්පසුව ඇතිවන දරුණු ආර්ථික අර්බුදයට කිසිදු උත්තරයක් නැතිවන බවත් මන්ත්‍රීවරයා කීය.