I ආරක්ෂක වාර්තාකරු
වර්ෂ අවසාන නිවාඩු කාලය නිමිත්තෙන් කොළඹින් බැහැරට යන තැනැත්තන් කොළඹින් පිටවන සෑම මාර්ගයක්ම ආවරණය වන ලෙස ස්ථාන 16කදී පරීක්ෂා කොට අවශ්‍ය තැනැත්තන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකෙරෙන බව පොලීසිය පවසයි.
මුලින් මෙම පරීක්ෂණ සිදුවූයේ ස්ථාන 4කදී පමණි.
ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භයේදීම නම් කළ ස්ථාන 4ක්ද, පළාත් සීමාවන්හි පිහිටි පිටවීමේ ස්ථාන 11ක්ද, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ පිහිටි පරීක්ෂණ ස්ථානයකදීද මෙම පරීක්ෂණ සිදුකෙරෙන බව පොලීසිය වැඩිදුරටත් කියයි.
පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් හමුවුවහොත් ඔවුන් එතැනදීම ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.