I ගයාන් ගාල්ලගේ
සමගි ජනබලවේගය විසින් අලුත් සන්ධානයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබණ්ඩාර මහතා දේශයට පැවසීය.
සමගි ජනබලවේගයේ සහෝදර පක්ෂ සමඟ එක්ව වැඩකිරීම සඳහා මෙම සන්ධානය ගොඩනගන බවත් ඉදිරියේදී එය ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එහි සාමාජිකයකු සඳහන් කළේ තවම ලාංජනයක් ඒ සඳහා යෝජනා වී නොමැති බවත් එය දැනට “සමගි ජනසන්ධානය” නමින් හඳුන්වන බවත්ය.