I ව්‍යාපාරික වාර්තාකරු
මාස අටකට පසු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.194/- සීමාවට පැමිණ තිබේ. එම මිල වාර්තා වූයේ පසුගිය බදාදාය. එදින ඩොලරයක ගැණුම් මිල රු.188/-ක් ලෙස සටහන් විය.
මෙය ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීමකි. එහෙත් 2020 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලරයක විකුණුම් මිල රු.200/- ඉක්මවා ගියේය. දින ගණනකට පසු රජය එය පාලනය කර ගත්තේය. ඉන්පසු ඩොලරයක විකුණුම් මිල රු.180/- සහ රු.187/- අතර ස්ථාවර වී මාස කිහිපයක් ඇවෑමෙන් මෙම තත්ත්වය හට ගැනුණි.
මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වී ඩොලරය අධි ප්‍රමාණය වීමෙන් ආනයනික භාණ්ඩ මිල ගණන් සෑහෙන පමණ ඉහළ යයි. දැනටමත් ඉන්ධන ආනයනයේදී මෙම ප්‍රශ්නය හටගෙන තිබේ.