I දේශපාලන වාර්තාකරු
පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා මියගිය අයගේ සහ තුවාලලත් අයගේ බැංකු ණය කපාහැරීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට කීය. මෙසේ කපාහැරෙන මුදල රුපියල් ලක්ෂ 500ක් (මිලියන 50ක්) පමණ වන බවද ඔහු සඳහන් කළේය.
මෙම ණය මුදල් අදාළ තැනැත්තන් ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලිනි. ඒ සඳහා රජය මැදිහත්ව අදාළ ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා අතර විපතට පත්වූවන්ට නිවාස 50ක් පමණ ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිදහස් කෙරේ. ඒ හැර කොච්චිකඩේ පල්ලියේ ප්‍රතිසංස්කරණ සඳහාත් අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන සපයන බව ලේකම්වරයා සඳහන් කළේය.