I ව්‍යාපාරික වාර්තාකරු
යුරෝපයට සීත ඍතුව එළැඹීමත් සමග ලෝක ඉන්ධන වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යන්නට පටන්ගෙන ඇති නිසා දැන් මෙරට අලෙවි කෙරෙන ඉන්ධන ලීටරයකින් රුපියල් 7ක පාඩුවක් දරන්නට සිදුවන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අඩු මිලට ඉන්ධන සැපයීම ඇතුළු හේතු ගණනාවක් නිසා 2019 වසරේදී ඛනිජ තෙල් සංස්ථාවේ ණය හා වගකීම් ප්‍රමාණය එහි වත්කම්වලට වඩා රුපියල් බිලියන 325කින් වැඩිවී ඇති බවය.
සංස්ථාවෙන් ඉන්ධන මිලට ගත් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 68ක්ද ශ්‍රී ලන්කන් එයාර් සමාගම රුපියල් බිලියන 58ක්ද ණය වී ඇතත් එම ණය මෙතෙක් පියවා නැත. රජය ඉන්ධන ලීටරයකට රු.40ක අධිභාර බද්දක්ද පනවා තිබේ. ඊටත් වඩා සංස්ථාවේ අලාභයට හේතු වී ඇත්තේ රුපියල්වලින් ආදායම උපයන තෙල් සංස්ථාව ඩොලර්වලින් ණය පවත්වාගෙන යාම බව මේ ගැන අප වෙත කරුණු දැක්වූ සංස්ථා ප්‍රකාශකයෙක් අවධාරණය කළේය.