හසිත් අංජනl
වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරාදීමට විරෝධය පලකිරීමට වරාය වෘත්තිය සමිති ඇරඹූ විරෝධතාව තාවකාලිකව නවතා තිබූ නමුත් දැන් නැවත එය ආරම්භ කරන බව වරාය නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා දේශයට කීය.
ඔහු කියා සිටියේ ලබන බදාදා දිවා විවේකයේ යළිත් විරෝධතාවය ආරම්භ කරන අතර එයට විසඳුමක් නොලැබුණහොත් ඉන් අනතුරුව අකුරට වැඩකිරීමේ ක්රියාමාර්ගයකට එළැඹෙන් බවයි.
දිනකට රුපියල් මිලියන 27ක් ලාබ උපයා දෙන වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදෙන්නේ ඇතැම් දේශපාලන වුවමනා මත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.