2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

නත්තල් කාලේ බස්නාහිර වසා දමන්න - උපුල් රෝහණ

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I ගයාන් ගාල්ලගේ

එළඹෙන 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසට රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහා පැන ඇති බවත්, දැනටමත් ඒ බව දැන දැන ජනතාව කඩසාප්පුවලට එක්වී සිටින නිසාත්, ඉන්පසුව උත්සව සමයේ වෙනත් දිස්ත්‍රික්ක සඳහා සංචාරය කිරීම සිදුවිය හැකි නිසා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස දන්වා ඇත.

එසේම බස්නාහිර පළාතෙන් පිටත මේ වනවිට කොවිඩ් පොකුරැ වර්ධනය වෙමින් තිබෙන නිසා එම දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන ලෙස මෙහිදී ඉල්ලා තිබේ. එය සිදු නොකළහොත් ඉදිරි වසර ආරම්භයේදී කොවිඩ් තත්ත්වය බරපතළ විය හැකි බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.