I දේශපාලන වාර්තාකරු
පසුගියදා මහර බන්ධනාගාරයේ හටගත් සිද්ධියෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ සමගි ජනබලවේගය විසින් මහර නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
මෙම උද්ඝෝෂණය ලබන 15දා (අඟහරැවාදා) දහවල් මහර නගරය ආසන්නයේදී පැවැත්වෙයි. “මර්දනය නවතනු” යන තේමාවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර පවතින කොරෝනා වසංගතය නිසා එයට ජනතාව සහභාගි කර නොගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීන් පමණක් සහභාගි කරවන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.