I ගයාන් ගාල්ලගේ
දැනට හුදකලා කර ඇති මහල් නිවාසවල ජීවත්වන ජනතාව සඳහා පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර මෙම සති අන්තයේ සිට හුදකලා බවින් නිදහස් කිරීමට කෝවිඩ් මර්දන කමිටුවේදී තීරණය කර තිබේ.
දැනට දින 50 කට අධික කාලයක් මහල් නිවාස 14ක් හුදකලා කර ඇති අතර එහි ජීවත් වන ගණන දසදහසකට අධික බව සඳහන් වේ. කෙසේ වෙතත් එම ජනතාවගේ බලවත් ඉල්ලීම මත නිසි ක්‍රමවේදයක් සකසා මහල් නිවාස කඩිනමින් හුදකලා බවින් නිදහස් කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දන්වා ඇත.
ඒ අනුව සෑම නිවසකින්ම එක් අයකු පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන අතර එහිදී කොරෝනා ආසාදිතයකු ඇත්නම් ඒ මුළු පවුලම අදාල පරීක්ෂණ සඳහා යොමුකිරීමට තීරණය කර තිබේ. එසේම ඉන්පසුව මහල් නිවාසවල ජීවත් වෙන අයට එම ප්‍රදේශයේ ඕනෑම තැනක ගමන් බිමන් යාමට අවස්ථාව හිමිවන අතර අදාළ ප්‍රදේශයෙන් පිටතට ඔවුනට ගමන් කිරීමට මුල් අදියරේදී අවසර නොලැබේ. කෙසේ වෙතත් එලෙස හුදකලා බවින් නිදහස් කළත් නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කෝවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇතැයි සඳහන් වේ.