I දේශපාලන වාර්තාකරු
රජයේ ඇතැම් දෙපාර්තමේන්තු සහ සංස්ථා ප්‍රධානීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඉල්ලීම්වලට කන් නොදෙන බවටත් මහජන නියෝජිතයන් නොසලකා හරින බවටත් ජනාධිපතිවරයාට මන්ත්‍රීවරුන් විසින් පැමිණිලි කර තිබේ. මේ දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ පසුපෙළ තනතුරු නොදරන මන්ත්‍රීන් කුඩා කණ්ඩායම් වශයෙන් කැඳවා ඔවුනට බලපාන ප්‍රශ්න ගැන අදහස් හුවමාරු කර ගැනෙන සාකච්ඡාවක් ආරම්භ කර ඇත.මෙම සාකච්ඡා සඳහා මන්ත්‍රීන් 20 දෙනා බැගින් වූ කණ්ඩායම් ගණනක් පසුගිය සතියේ ජනාධිපති කාර්යාලයට වරින්වර කැඳවා සාකච්ඡා කරනු ලැබීය.
මෙහිදී ඇතැම් මන්ත්‍රීන් කියා ඇත්තේ තමන් රාජ්‍ය නිලධාරීන්ගෙන් සිය ඡන්ද දායක ජනතාව වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම් වෙනත් නම්වලින් ෆේස්බුක්හි (මුහුණු පොතෙහි) පළකර සමච්චලයට භාජනය කරන බවය. මේ ආකාරයට ක්‍රියාකරන නිලධාරීන් ගැන පියවරක් ගන්නා ලෙස මන්ත්‍රීන් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.