I දේශපාලන වාර්තාකරු
මෙරට රාජ්‍ය ආයතන 330ක් පමණ ක්‍රියාත්මක වෙතත් 2020 වසර සඳහා පාර්ලිමේන්තුවට ගිණුම් වාර්තා සපයා ඇත්තේ රාජ්‍ය ආයතන 52ක පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
එම ආයතන 52 පසුගිය යහපාලන කාලයේ ලාභ ලැබුවද වත්මන් රජය යටතේ ඉන් ආයතන 11ක් විශාල මූල්‍යමය පාඩු වාර්තා කර ඇතැයි ද ඔහු සඳහා කළේය. එම පාඩුව රුපියල් මිලියන 15.567ක් පමණ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
මෙලෙස පාඩු ලැබූ ආයතන වන්නේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (බැංකුව), කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ලංකා ගමනාගමන මණ්ඩලය, මධ්‍යම ඉන්ජිනේරු කාර්යංශය, කජු සංස්ථාව, ඛනිජ වැලි සංස්ථාව, කහටගහ ග්‍රැනයිට් සමාගම, ලක්සල රාජ්‍ය දැව සංස්ථාව සහ ධීවර සංස්ථාව යන ආයතන 11 බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.