I ව්‍යාපාරික වාර්තාකරු
ලබන වසරේ මුල් මාස තුන ඇතුළත මෙරට ප්‍රධානම බැංකු තුනක් ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර ඇත. එය මෙවර අයවැය යෝජනාවකි.
ඒ අනුව ඒකාබද්ධ කිරීමට යන්නේ ශාඛා 25ක් ඇති රාජ්‍ය උකස් ආයෝජන (SMIB) බැංකුව, ශාඛා 39ක් ඇති නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (HDFC) සහ ශාඛා 276ක් ඇති ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි. මෙයින් උකස් ආයෝජන බැංකුවේ සේවකයන් 350ක්ද නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සේවකයන් 600ක්ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවකයන් 2700ක් ද සේවය කරති.
මෙම බැංකු තුන එකතු කොට ජාතික සංවර්ධන බැංකු සංස්ථාව නමින් ආයතනයක් අලුතෙන් ස්ථාපිත කෙරෙයි. එම නව බැංකුවේ අරමුණ කෘෂිකර්ම අංශය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සහ ජාතික නිවාස සංවර්ධන කටයුතුවලට මූල්‍ය සම්පත් සැපයීම හා විධිමත් ඒකාබද්ධ සේවාවන් සැලසීමය.