I ගයාන් ගාල්ලගේ
කොළඹ නගර සභා සීමාව තුළ දිනකට රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතන එකකින් හෝ දෙකකින් කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමුවීමේ අවදානමක් ඉස්මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.
වෛරසය වේගයෙන් එම ආයතන පුරා පැතිරෙමින් ඇති බවත් කොළඹ අවදානම් තත්ත්වයේ පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට නැවතත් කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ වෛරසයේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඇතැම් රෝගීන්ගේ මූලාශ්‍ර නොමැති බවත් උපුල් රෝහණ මහතා පැවසීය.