2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

අයවැයේ බොරුව ජනතාවට කියනවා - ජ.වි.පෙ.

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I හසිත් අංජන

2021 සඳහා වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය මගින් පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන දෙසැම්බර් මාසයේ මුල් සතියේ සිට අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අයවැය, මිත්‍යාව සහ යථාර්ථය නමින් සංවිධානය කර ඇති එම වැඩසටහනෙහි මුල් අදියර මාතරදී පැවැත්වෙන බව ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

රටෙහි ඇති වත්මන් ණය අර්බුදය විසඳීමට රජය නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.