I හසිත් අංජන
ඉදිරි කාලයේ ලැබීමට නියමිත මාළු අස්වැන්න අලෙවි කිරීමට නොහැකි වුවහොත් ධීවර කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙක් ඉන් ඉවත්වනු ඇතැයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා දේශයට කීය.
කොරෝනා රෝගයෙන් බැටකන ධීවර ප්‍රජාව වෙනුවෙන් රජය තවමත් නිසි වැඩපිළිවෙළක් සකසා නොමැති බව ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් පැවසීය.
රජය එම මාළු අස්වැන්න මිලදී ගෙන ගබඩා කිරීමට සුදුසු පියවර දැන්ම ගතයුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.