I දේශපාලන වාර්තාකරු
උතුරේ ආරම්භ කරන්නට යන නව දමිළ සන්ධාන පක්ෂයේ නායකත්වයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වන මාවෙයි සේනාධිරාජා සහ එස්. ශ්‍රීකාන්තා යන දේශපාලන නායකයන් අතර තරගයක් හටගෙන තිබේ.
මෙම නව සන්ධානයට දෙමළ ජාතික සන්ධානය ඍජුව එක්වී නැත. එහි හවුල්කාර පක්ෂ ගණනාවකුත් දෙමළ ජාතික සංවිධානයට සබඳතා නැති සී.වී. විග්නේෂ්වරන් මහතාත් ඊට සම්බන්ධ බව දැනගන්නට ඇත.
නව මුහුණුවරකින් එන අලුත් සන්ධානයට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ග්ලෝබල් ටැමිල් ෆෝරම් නැමැති සංවිධානය සම්බන්ධකර නොගැනීමටත් ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ සහ ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට යුද අපරාධ චෝදනා එල්ල කළ නීතිවේදිනී යස්මින් සුකා මහත්මිය ඊට එක්කර ගැනීමටත් සංවිධායකයන් තීන්දු කර ඇතැයි වාර්තා වේ.