2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 14ක්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අධිකරණ වාර්තාකරු I

අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරු 14ක් සඳහා යෝජිත නාම ලේඛනය ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන් ප්‍රශාන්ත සිල්වා, එම්.ටී. එම්. ලෆාර්, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, රත්නප්‍රිය ගුරුසිංහ, පී.ඒ.ඩී. ගනේපොළ, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ද නීතිපති දෙපාර්තමේන්තුවේ මායාදුන්නේ කොරයා, ප්‍රභාහරන් කුමාරරත්නම්, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සහ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ නම්ද මෙම තනතුරු සඳහා යෝජනා කර ඇත. එම පත්වීම් ගැන ලබන 23 සඳුදා පාර්ලිමේන්තු සභාව විසින් තීන්දුවක් ගැනීමට නියමිතය.