2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

විපක්ෂනායක ලේකම් රවී ජයවර්ධන

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

දේශපාලන වාර්තාකරු I

විපක්ෂනායක ලේකම් ධුරයේ සිටි නවුෆාල් රහුමාන් මහතා අසනීප තත්ත්වය මත විශ්‍රාම යාම නිසා එම තනතුරට නීතිඥ රවි ජයවර්ධන මහතා පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයට නිර්දේශ කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවෙයි.