I දේශපාලන වාර්තාකරු
මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් විශ්‍රාමගත් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හැර ස්වාධීන කොමිෂන් සභා ගණනාවක සභාපති ධුර සඳහා සුදුස්සන් ගණනාවක් රජය විසින් තෝරාගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි, රාජ්‍ය මුදල් කොමිසමේ සභාපති ධුරයට හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට නීතිඥ නිමල් පුංචිහේවා, මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ආණ්ඩුකාරවරයකු වන ආචාර්ය ජගත් බාලසූරිය යන මහත්වරුන් පත්කෙරෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම පත්වීම් අද හෙටම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.