I ගයාන් ගාල්ලගේ
කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ වරාය තුළ කන්ටේනර් පෙට්ටි 50,000 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ඇතැම් කන්ටේනර් පෙට්ටි ඉන්දියාව සහ සිංගප්පූරු වරායවලින් ගොඩබා ගොස් ඇති බවත් වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසා සිටියේ කන්ටේනර් පෙට්ටි එලෙස ඇති බවත් එයට හේතුව වරායෙන් නිදහස් කිරීමේ ගැටලුවක් නොව ඒවායෙහි හිමිකරුවන් පසුගිය ඇඳිරි නීති සමයේ පැමිණීමට නොහැකි වූ නිසා ඇතිවූ තදබදයක් බවය. කෙසේ වෙතත් නැවතත් සුපුරුදු පරිදි එම කන්ටේනර් නිදහස් කරගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.