2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

බදුබර නැති අයවැයක් - මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල්

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I දේශපාලන වාර්තාකරු

ඉදිරි සතියේ මැතිසබයට ඉදිරිපත් කෙරෙන 2021 අයවැය ලේඛනය ජනතාවට බදු බර නොපැටවෙන පොදු පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. 

සැමට පානීය ජලය සැපයුම අයවැයේ ප්‍රධාන තේමාවක් යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ හැර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුතින් සැකසීම, දිළිඳු පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනාට රැකියා සම්පාදනය ආදී කටයුතුවලටද ප්‍රමුඛත්වය හිමිවන්නේ යැයිද කබ්රාල් මහතා අවධාරණය කළේය.

රටේ තිබෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්නය ණයබර අධිකවීමයි. එහෙත් ඊට විකල්ප සෙවීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ වට්ටෝරු ක්‍රියාත්මක කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය. ඒ සඳහා නොයෙක් බලපෑම් එල්ලවුවද රජයට ඊට ජනවරමක් ලැබී නැති බවද ඔහු සඳහන් කළේය.