ආරක්ෂක වාර්තාකරු l
මේ වනවිට හුදෙකලා කර තිබෙන පොලිස් බල ප්‍රදේශ 25 දින 14ක් ගතවීමෙන් පසු විවෘත කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. දැනට සතියක් පමණ තිස්සේ කොළඹ අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ ගණනාවකුත් තවත් පිට පළාත්වල ගම්මාන හා නගර ගණනාවකුත් හුදෙකලා කර තිබේ.
ඒ අනුව තවත් දින 7කින් පසු එළඹෙන නොවැම්බර් මස 23දා දැනට වසා දමා ඇති පොලිස් බල ප්‍රදේශ සහ ගම්මාන විවෘත කෙරේ. දින 14ක කාලයක් මෙම ප්‍රදේශ හුදෙකළා කළේ රෝග ව්‍යාප්තිය අවම කිරීමට හා ප්‍රදේශවාසීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමටය.