2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පී.සී.ආර්. වියදම තුනෙන් එකකින් බසී

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

දේශපාලන වාර්තාකරු l

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මසකට වැයකරන රුපියල් කෝටි 180ක මුදල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) ක්‍රමය භාවිතයෙන් රුපියල් කෝටි 60ක් දක්වා 1/3කින් අඩුකරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කරන ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණයක වියදම රුපියල් 6000කි. දිනකට පරීක්ෂණ 10,000ක් පමණ සිදුකරන නිසා දෛනික වියදම රුපියල් මිලියන 60ක්ද මාසිකව නම් කෝටි 180ක්ද වෙයි.

එහෙත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට වැයවන්නේ රුපියල් 2000ක් පමණි. ඒ අනුව මසකට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කරන වියදම රුපියල් කෝටි 180 සිට කෝටි 60ක් දක්වා 1/3කින් අඩුකරගත හැකිය. ඊට අමතරව ඇති තවත් වාසියක් වන්නේ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල ලබාගන්නට පැය 8ක් හෝ 10ක් පමණ ගතවීමයි. එහෙත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයක් ප්‍රතිඵල විනාඩි 20කින් ලබාගත හැකි වීමය.