I දේශපාලන වාර්තාකරු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පත්වී ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාරගනු ඇත යන පුවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය ප්‍රතික්ෂේප කරයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු දේශයට සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ බොහෝ දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇතත් ඔහු ඒ සම්බන්ධව කිසිදු තීන්දුවක් මෙතෙක් ගෙන නැති බවය.
එහෙත් මේ සතිය මුලදී ප්‍රකාශ වූයේ පොහොට්ටුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත්වන බවය. බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ සලසමින් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජයන්ත කැටගොඩ මහතා ගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද දන්වා තිබිණි.