2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

දේශපාලන පලිගැනීම් කොමිසමේ සභාපතිට එරෙහිව සජිත් පිලෙන් පැමිණිල්ලක්

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

අධිකරණ වාර්තාකරු I

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දීර්ඝ පැමිණිල්ලක් වන මෙමගින් කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා නීතියට අනනුකූලව ක්‍රියාකරමින් පරීක්ෂණ කොමිසමකින් අපේක්ෂා කරන අරමුණුවලට පටහැනිව කටයුතු කරන බව සඳහන් කර ඇත. රජයේ අරමුදල් යොදවා ගෙන මෙලෙස රාජ්‍යයේ යහපැවැත්මට සහ අධිකරණ ක්‍රියාවලියට අභියෝග කරමින් ආයතනයක් පවත්වාගෙන යෑම රජයේ මුදල් නාස්තියක් බවද පැමිණිල්ලේ දැක්වෙයි. එය අල්ලස් පනත් 70 වැනි වගන්තියට අදාළ දූෂණ ක්‍රියාවක් බැවින් මේ ගැන පියවර ගන්නා ලෙස පැමිණිල්ල භාරදුන් සමගි ජනබලවේග මන්ත්‍රීහු ඉල්ලා සිටිති.

මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් පැමිණ අල්ලස් හෝ දූෂණ කොමිසමට මෙම පැමිණිල්ල සිදුකළෝය.