I ගයාන් ගාල්ලගේ
තවත් දින හතකින් තමා පමණක් නොව මැතිවරණ කොමිසමම විශ්‍රාම යන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිසම පත්කළේ වසර පහකට පමණක් බවත් එකී වසර පහ තවත් දින හතකින් නිමාවන බවත් ඒ අනුව පමණක් නොව මැතිවරණ කොමිසමේ සියලු කොමසාරිස්වරුන්ගේ කාලය නිමවන බව හෙතෙම වැඩිදුරටත් කීය.
එතැනින් පසුව නැවත රජය විසින් මැතිවරණ කොමිසම සඳහා නව නිලධාරී මඬුල්ලක් පත්කළ යුතු බවත් සභාපතිවරයා කීය.