දේශපාලන වාර්තාකරු I
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ සඳහා හිටපු අගමැතිවරයා පසුගිය අඟහරැවාදා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තිබිණි.
ආනන්ද හිමියන් සහ රනිල් අතර සාකච්ඡා වූයේ කුමක්දැයි මෙතෙක් ප්‍රකාශ වී නැත. මේ අවස්ථාවට එජාපයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද එක්ව සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා අභයාරාමයට පැමිණීමට දින කිහිපයකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අභයාරාමයට පැමිණ මුරැත්තෙට්ටුවේ නාහිමියන් සමඟ සාකච්ඡා කළේය.