2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ලංකාව සෘණ වෙයි

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I ව්‍යාපාරික වාර්තාකරු

2020 වසර පුරාම ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ තත්ත්වයට පත්වනු ඇති බව පැවසේ. 

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව දැනට පුරෝකතන තුනක් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට 2020 ශ්‍රී ලංකාව 1.7%ක ඍණ ආර්ථික වර්ධනයක් අත්පත් කරගනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන ආකාරයට 2020 වසරේ ශ්‍රී ලංකාව 4.7%ක ඍණ ආර්ථික වර්ධනයක් ලබාගනී. ඒ අතර ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ 2020 දී ශ්‍රී ලංකාව 6.7%ක ඍණ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බවය.

පවත්නා කොරෝනා වසංගත තත්ත්වය අනුව දකුණු ආසියාවේ බංග්ලාදේශය හැර අන් සියලුම රටවල ආර්ථික වර්ධනය ඍණ තත්ත්වයට පත්ව තිබීමද විශේෂයකි.