ගයාන් ගාල්ලගේ I
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හේතුවෙන් බෝඩිම්වල සිරවී අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් සිටින අයවලුන් සොයා ඔවුන්හට ආහාර ද්‍රව්‍ය සැපයීමට කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් කමිටුව තීරණය කර තිබේ.
බොහෝ පිරිසකට ඔවුන් රැකියා කරන කර්මාන්තශාලා, ආයතන වලින් උපරිම සහන ලබාදී ඇති බවත් ඇතැම් අයට ආහාර නොමැති වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා සහන ලබාදීමටත් කටයුතු යොදා ඇත.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එකතු වී සොයාබැලීමක් සිදුකොට අවශ්‍ය සහන සලසන ලෙස දන්වා ඇත.