
ජනතාවට දරාගැනීමට නොහැකි වන අයුරින් දැනට ක්‍රියාත්මක වක්‍ර බදු ප්‍රතිපත්ති ක්‍රමය වෙනුවට ඍජු ලෙස බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇත.
ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සහ බදු අයකර ගැනීමේ ආකාරය පිළිබඳව නිර්ණායක සැකසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පවරා දී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී, එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාරක සභාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 දෙනකු අයත් වන බව සඳහන් වේ.
දැනට පවතින වක්‍ර බදු අයකර ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් අහෝසි කර දමා ඍජු බදු පමණක් අයකර ගැනීමේ ක්‍රමවේදයක් මෙම කාරක සභාව තුළ යෝජනා වී ඇත. උදාහරණයක් ලෙස රුපියල් 10,000ක වැටුපක් ලබන අයකුගේ රුපියල් 10ක් හෝ 100ක් අයකර ගැනීම මෙම නව ක්‍රමය යටතේ යෝජනා වී තිබේ. කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර තවදුරටත් අදහස් සහ යෝජනා ලබාගනිමින් සිටින බව එම කාරක සභාවේ සාමාජිකයෙක් “දේශය”ට පැවසීය.
I ගයාන් ගාල්ලගේ