ආරක්ෂක වාර්තාකරු l
කොරෝනා ආසාදිත වී ඇතැයි සැකකරන තැනැත්තන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කිරීමට රජය තීන්දු කර ඇත. මෙම වෙනස්කම අනුව සිදුවන්නේ අද දින ලබාගන්නා සාම්පලවල ප්‍රතිඵල අදම නිකුත් කිරීමෙනි.
පසුගිය කාලයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල ඇතැම් විට රසායනාගාරවල දින දෙක තුන තබා ගැනීමට සිදුවී තිබිණි. එහෙත් නව ක්‍රමවේදය අනුව එදිනෙදා ප්‍රතිඵල නිකුත් කළ හැකි ප්‍රමාණයට පමණක් සාම්පල ලබා ගැනෙයි. දැනට තිබෙන යන්ත්‍ර ආධාරයෙන් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ 5000ත් 7000ත් අතර සංඛ්‍යාවක ප්‍රතිඵල නිකුත් කළ හැකි යැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊට වැඩියෙන් සාම්පල ලබාගතහොත් ඒවා ගබඩා කර තබාගෙන පසුව ප්‍රතිඵල නිකුත් කළ යුතුය.
කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යසාධන බලකාය වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන් දුන් උපදෙස් මත මෙම තීන්දුව ගෙන තිබේ.