I දේශපාලන වාර්තාකරු
ඉදිරි සති කිහිපය තුළ නව කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම ගැන රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
රජයට කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙක් පත්කළ හැකි වුවත් දැනට පත්කර ඇත්තේ අමාත්‍යවරුන් 27 දෙනෙකි. පුරප්පාඩු තුනක් සඳහා තවත් තිදෙනකු පත්කළ හැකිය.
අප වෙත ලැබෙන තොරතුරු අනුව නව කැබිනට් අමාත්‍ය පදවිය හිමිවීමට ඉඩ ඇත්තේ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන බස්නාහිර පළාතේ දේශපාලනඥයකුටය. ඒ අතර නව රාජ්‍ය අමාත්‍ය පදවිය සඳහා සුදුස්සකු තෝරා ගැනීම දැනට සිදුකෙරෙමින් පවත්නා බවද සඳහන් වෙයි