2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

පොම්පිඕ සමඟ කතාබහේ ඇත්ත වහාම හෙළිකරන්න - සජබ මහලේකම්

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

I දේශපාලන වාර්තාකරු

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිරඕ මහතා රජය සමඟ කළ සාකච්ඡාවලදී චීනය සහ එම්.සී.සී. ගිවිසුම ගැන කියන ලද කරුණු රජය වහා රටට හෙළිදරව් කළ යුතු යැයි සමගි ජන බලවේගය මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

අමෙරිකානු මැතිවරණය ආසන්නයේ රාජ්‍ය ලේකම්වරයා මෙරටට හදිසියේම පැමිණීමත් විශේෂයෙන් ඔහු චීන ආයෝජන ගැන ශ්‍රී ලංකාවට දෙන ලද අවවාද හෙළිදරව් කිරීමත් රජයේ යුතුකමක් බව මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රජය දැනට මාධ්‍යයට ප්‍රකාශ කර ඇති කරුණුවලට වඩා බැරෑරුම් සාකච්ඡාවක් මෙහිදී සිදුව ඇතැයි හැඟෙන බැවින් සත්‍යය හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බව මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.