I යසවර්ධන රුද්රිගු
දැනට උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ අවසාන මාස පහේදී රජයේ ආදායම සියයට පනහකින් පමණ අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය. රාජ්‍ය අංශය බොහෝදුරට අකර්මණ්‍ය වී ඇති නිසා ආදායම එකතු කිරීම දුර්වල වී ඇති අතර, ජනතාවට ඉදිරියේදී තව තවත් බදු සහන සැලසීමට රජයට සිදුවීම නිසා තත්ත්වය වඩාත් බැරූරැම් විය හැකි බවද ඔහු කියයි.
එසේම රටේ සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට ඍණ -3 දක්වා පහළ බැසීමට ඉඩ ඇති අතර, මේ වනවිට ආර්ථික වර්ධන වේගය ඍණ -2 දක්වා පහළ වැටී ඇති බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත අනුව 2020 ජනවාරි මාසයේ සිට ජූලි දක්වා මාස හත තුළ රජයේ ආදායම සියයට 25.9කින් අඩුව ඇති බව වාර්තා වෙයි. 2019 වසරේ මුල් මාස හත සමඟ සැසඳීමේදී මෙම පහළ යාම රුපියල් බිලියන 267.6කි. 2019 වසරේ මුල් මාස හතේ රුපියල් බිලියන 1033ක් වූ ආදායම එයට සාපේක්ෂව 2020 මුල් මාස හතේදී බිලියන 765.4 දක්වා අඩු වී තිබේ.
මෙලෙස රජයේ ආදායම අඩුවීමට බදු ආදායම පහළ වැටීම ප්‍රධාන හේතුවක් වී ඇත. මුල් මාස හත තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 944.4 සිට බිලියන 670.4 දක්වා බිලියන 274කින් අඩුවී තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්විට 29ක් වේ. මෙයට ප්‍රධාන හේතු දෙකක් ඇති අතර, කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් බලාපොරොත්තු වූ ආදායම් බදු අයකර ගත නොහැකිවීම සහ රජයට බදු සහන සැලසීමට සිදුවීම නිසා වක්‍ර බදු ආදායමද පහළ බැස තිබීම එම හේතු වේ.
එසේ වුවද රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 87.5 සිට 92.8 දක්වා බිලියන 5.3කින්ද ප්‍රදාන රුපියල් බිලියන 1.1 සිට බිලියන 2.1