2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

කහතුඩුවට කොරෝනා බෙදූ මාළු වෙළෙන්දාට නඩු

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ආරක්ෂක වාර්තාකරු

පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ මාළු වෙළෙඳාමේ නියුතු වෙමින් සිටියදී කොරෝනා ආසාදිත තත්ත්වයට පත්වූ බව දැන දැනත් රෝග වාහකයකු ලෙස අපරික්ෂාකාරීව ක්‍රියාකළ මාළු වෙළෙන්දාට නිරෝධායන නීතිය යටතේ නඩු පැවරෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එසේම බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා පැමිණීම ගැනත් පෑලියගොඩ මාළු වෙළෙඳසලට කොරෝනා ව්‍යාප්තවීම ගැනත් තවත් පරීක්ෂණ දෙකක් සිදුකෙරේ. මේ සඳහා හේතු වූ කරුණු මොනවාද වගකිවයුත්තන් කව්ද යන්න හඳුනාගෙන නීති මගින් පියවර ගැනීම එම පරීක්ෂණවල අරමුණ බව පොලිස් මූලස්ථානය පවසයි.

රෝග ව්‍යාප්තිය වළක්වා ගත හැකිව තිබියදී නොසැලකිළිමත් ලෙස ක්‍රියාකළ කහතුඩුවේ මාළු ව්‍යාපාරිකයා පවුලේ මංගල උත්සවයක් සංවිධානය කර ඇත. ඒ සඳහා නිවාස 40කට පමණ ආරාධනා පත්‍ර යවා ඇති බවද සඳහන්ය. මෙම මාළු වෙළෙන්දාගේ ආශ්‍රිතයන් ගණනාවක් දැනට කොරෝනා ආසාදිතයෝ බවට පත්ව සිටිති.