l ව්‍යාපාරික වාර්තාකරු
කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබාදීම සඳහා රජය පරිප්පු - බී ලූනු සහ සීනි සඳහා අය කළ ආනයන බදු විශාල ලෙස අඩුකළ නමුත් තවමත් බොහෝ පෞද්ගලික වෙළෙඳුන් බදු සහන සහිත මිලට එම භාණ්ඩ අලෙවි කරන්නේ නැත.
ආනයනික භාණ්ඩ මිල අඩුකර ඇත්තේ ස.තො.ස. සහ ඇතැම් සුපිරි වෙළෙඳ සල් පමණි. සමහර කෝප් සිටි වෙළෙඳසල්වලින් පවා බදු සහන සහන මිලට භාණ්ඩ මිලදී ගත නොහැකි බව පාරිභෝගික ජනතාව පවසති. බදු අඩුකළ පසු රජය නියම කළේ බී ලූනු කිලෝව රු.100/-ටත් සැමන් ටින් එක රු.200/-ටත් සීනි කිලෝව රු. 85/-ටත් පරිප්පු කිලෝව රු.150ටත් අලෙවි කළ යුතු බවය. එහෙත් බොහෝ පෞද්ගලික වෙළෙඳුන් තමන් සතුව ඇත්තේ පැරණි තොග බව කියමින් දැන් සති තුනකට පසුවත් භාණ්ඩ මිල අඩුකර නැති බව අපගේ නිරීක්ෂණවලදී අනාවරණය විය.