I දේශපාලන වාර්තාකරු
පවත්නා මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය තීන්දු කර ඇත. ඒ අනුව අයවැයෙන් පසු මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තේරීම් කාරක සභාව මගින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන පක්ෂවලින් කෙරෙන නීත්‍යානුකූල නොවන ප්‍රචාරණ හා අනවශ්‍ය මැදිහත්වීම් වැළැක්වීම, ස්වාධීන කණ්ඩායම්වල අැප මුදල් ඉහළ දැමීම, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා වන ප්‍රමිති සහ නීති රීති දැඩි කිරීම, දේශපාලන පක්ෂ අන්‍යයන්ට අලෙවි කිරීම වැළැක්වීම ආදී තීරණාත්මක කාරණා ගණනාවකට අදාළ නව නීති රීති සම්පාදනයට අදහස් කෙරෙන බව මේ ගැන දේශයට අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.