
2017 අප්‍රේල් මාසයේ රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් කෝටි 6000ක භාණ්ඩාගාර බිල්පත් මුදල් අමාත්‍යංශය විසින් මහ බැංකුවට විකුණා ඇත. මෙසේ භාණ්ඩාගාර බිල්පත්වලට මහ බැංකුවෙන් මුදල් ලබාදීමේදී සිදුවන්නේ අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණයක් බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ අවුරුදු උත්සවය නිමිත්තෙන් රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවිය. ඒ සඳහා මසකට රජය වැයකරන මුදල රුපියල් කෝටි 7500ක් පමණය. එයින් කෝටි 1500ක් පමණ මාසිකව භාණ්ඩාගාරයට ලැබෙන සිගරුට් හා සෙසු බදු ආදායම් වලින් උපයා ගෙන තිබිණ. එහෙත් තවත් රුපියල් කෝටි 6000ක් පමණ හදිසියේ අත්‍යවශ්‍ය වූ නිසා මෙසේ මුදල් මුද්‍රණය කොට ලබාගන්නට සිදුව ඇතැයි සඳහන්ය.
I දේශපාලන වාර්තාකරු