l දේශපාලන වාර්තාකරු
පක්ෂයේ තීරණයට පටහැනිව යමින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (23) පස්වරැවේ පැවැති සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට පැවසුවේ 20 වැනි සංශෝධනයට සහය දුන් මන්ත්‍රීවරුන් 08 දෙනකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම විසින් තීරණයක් ගනු ලැබූ බවයි