l හසිත් අංජන
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වූ බවත් මින් පසු රට ගමන් කරන්නේ ඒකාධිපති පාලනයක් කරා බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
එසේම තම පක්ෂය 20 පිළිබඳව ඒකමතිකව තීන්දුවකට පැමිණ තිබියදී ආණ්ඩුවට සහාය පළ කළ තම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරියට මේ ආණ්ඩුවේ කඩා වැටීම කිසිවකුට නැවැත්විය නොහැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
විපක්ෂය පිට පිට ලැබූ තුන්වැනි පරාජයයි
පොදුජන පෙරමුණු ලේකම් නීතිඥ සාගර කාරියවසම්
l දේශපාලන වාර්තාකරු
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයේ පරාජය කරන්නට උත්සාහ දැරූ විපක්ෂය ඔවුන් පිට පිට ලැබූ තුන්වැනි පරාජය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය.
රජය මේ වන විට සිදු කරන්නේ ශක්තිමත් ලෙස තම ඉදිරි ගමන සංවිධානය කර ගනිමින් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමය. එහෙත් විපක්ෂය රජයට එරෙහිව අභූත චෝදනා නගමින් ජනතාව නොමග යැවීම කනගාටුවට කරුණක් බවද ඔහු පැවසීය.
සුළු පක්ෂවල මන්ත්‍රීන් 20ට සහාය දීම විවේචනය කරන ඔවුනට සුළු පක්ෂ සමඟ ආණ්ඩු කළේ තමන් බව අමතක වීම පුදුමයක් බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය. මේ නිසා දැන් රටට ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව දැනෙන්නේ යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.