2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

හම්බන්තොට ගිවිසුමට ඉන්දියාවෙන් බරබරයක්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46


 

හම්බන්තොට වරාය දිගුකාලීන බදු පදනමින් චීනයට පැවරීම ගැන ඉන්දීය රජය ශ්‍රී ලංකාවට නිල වශයෙන් කනස්සල්ල පළකර තිබේ. මේ සතියේ කොළඹට එක්දින සංචාරයකට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් මුණගැසී සිය රජය මේ ගැන දරන ආකල්පය දීර්ඝ වශයෙන් විස්තරකර ඇත.

ඉන්දියාවට ඉන් සිදුවන බලපෑම ගැනද ඔහු කරුණු දක්වා තිබේ. මෙයට අමතරව ත්‍රිකුණාමලයේ සූර්ය බලශක්ති බලාගාරය ඉන්දිය අනුග්‍රහයෙන් සිදුවන නිවාස හා සෙසු සංවර්ධන ව්‍යාපෘති ගැනද ඔහු ශ්‍රී ලංකා රජයේ ප්‍රධානින්ට කරුණු දක්වා ඇත.

කොළඹ පැවති ආසියානු කලාපයේ ජර්මන් තානාපතින්ගේ සංසද රැස්වීමට පැමිණි ජයශංකර් මහතා සමඟ රජයේ ප්‍රධානීන් මුණගැනීමට කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කරන්ජත් සිං සන්දු මහතාද එක්විය. 

හම්බන්තොට වරාය පැවරීම ගැන ඉන්දිය විදේශ ලේකම්වරයා කනස්සල්ල පලකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිහඬ පිළිවෙතත් අනුගමනය කර ඇතැයිද වාර්තාවෙයි.

I දේශපාලන වාර්තාකරු