I දේශපාලන වාර්තාකරු
විදේශගත මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන ඒම අත්හිටුවා තිබියදී වෙනත් රටවලින් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ගුවන් සේවාවලට අයත් ගුවන්යානා මගින් විදේශගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි රජය පවසයි.
ඔවුන් ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත් ඇති ලාංකික පුරවැසියන් නිසා රටට ඇතුළුවීම තහනම් කිරීම අසීරු වී ඇතැයි ගුවන් තොටුපොළ බලධරයෝ පවසති. මෙලෙස පසුගිය සතිය තුළ දිනකට 25 – 30ක් බැගින් වාර ගණනාවක් මගීන් පැමිණ ඇත. මෙලෙස පැමිණ ඇත්තේ විදේශීය පුහුණුවලට ගිය රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, තානාපති අංශ කාර්ය මණ්ඩලවල තැනැත්තන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් බව පැවසේ.
මේ ආකාරයට කවුරුන් පැමිණියත් ඔවුන් දින 21ක අනිවාර්ය නිරෝධායනයකට ලක්කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.