2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

මිනුවන්ගොඩ කොරෝනාව : අපරාධ පරීක්ෂණයක්

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 206

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුවන ආකාරයේ අපරාධමය වරදක් කිසියම් තැනැත්තකු හෝ සමාගමක් විසින් හෝ සිදුකර තිබේද යන්න ගැන ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  රජයේ විශේෂ තීරණයක් මත ඉහළම පෙළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කෙරේ.

අදාළ පරීක්ෂණයේදී කිසියම් තැනැත්තකු හෝ සමාගමක් අපරාධමය වරදක් සිදුකර තිබේ නම් එම තැනැත්තාගෙන් හෝ සමාගමෙන් සුදුසු වන්දියක් ලබාගැනීම ගැන ද රජයේ අවධානය යොමුව තිබේ.

මිනුවන්ගොඩ (බ්‍රැන්ඩික්ස්) කොරෝනා පොකුරෙන් මේ වන විට 1700කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මෙම කොරෝනා පොකුර නිර්මාණය වීමට තුඩු දුන් හේතු හා පසුබිම ගැන රජයටත් ආරක්ෂක අංශවලටත් මේ වන විට බොහෝ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර හදිසියේ මතුවීම පසුබිමේ යමකු හෝ යම් ආයතනයක් ශ්‍රී ලංකාවේ සම්මත නීතියට අනුව වරදක් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කිරීමට තීන්දු කෙරිණි.