2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

රිෂාඩ් අල්ලනවා : කතානායකට දන්වයි

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

අධිකරණ වාර්තාකරු l

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා නීතිපති නියෝග මත අත්අඩංගුවට ගැනීමට යන බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

එම දැනුම්දීම අනුව ප්‍රතිචාර දක්වා ඇති කථානායකවරයා මෙකී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් නිල වාර්තාවක් තමන් වෙත සපයන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.