හසිත් අංජන l
බී-ලූනු ආනයන බද්ද ඉවත් කිරීමෙන් පීඩාවට පත් මෙරට බී-ලූනු නිෂ්පාදකයන්ට සහන සැලසීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 170ක් ඒ ඒ ප්‍රදේශවල දිසාපතිවරුන්ට මුදාහරින ලද බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.
ඒ අනුව කිලෝවක් රුපියල් 100 බැගින් වගා බිමේදීම බී-ලූනු මිලදී ගැනීමට දිසාපතිවරුන් සැලසුම් කර තිබේ.
අනුරාධපුර දිසාපතිවරයාට බී-ලූනු මිලදී ගැනීමට රුපියල් මිලියන 85ක්ද පොලොන්නරු දිසාපතිවරයාට රුපියල් මිලියන 35ක්ද, මාතලේ දිසාපතිවරයාට රුපියල් මිලියන 30ක් සහ වවුනියාව දිසාපතිවරයාට රුපියල් මිලියන 20ක් ද මෙලෙස බී-ලූනු මිලදී ගැනීම පිණිස නිදහස් කළ බව ඔහු වැඩිදුරටත් කීය.