I හසිත් අංජන
යෝජිත 20 වැනි ආණ්ඩ්‍රකම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මැතිසබා ඡන්ද විමසීම ලබන 22දා සිදු කිරීමට පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට පෙර ලබන 20 අඟහරැවාදා මේ සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය ලබන 21 හා 22 දෙදින පැවැත්වීමටත් 22 දින සන්ධ්‍යාවේ ඒ ගැන ඡන්ද විමසීමටත් ආණ්ඩු පක්ෂය තීන්දු කර තිබේ.
මෙම විශේෂ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දින 5ක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ආණ්ඩුවේ පක්ෂ නායකයන් ප්‍රකාශ කර තිබුණේ පසුගිය රජය සමයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් ලබා දුන්නේ දින 2ක විවාදයක් නිසා මෙවර ද දින දෙකක විවාදයක් ලබාදෙන බවය.