2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

ගම්පහ උස්ස පෙළ සිසු සිසුවියන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

හසිත් අංජන l

ඇඳිරි නීතිය බලපවත්නා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ප්‍රදේශවාසී අනෙකුත් අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 10ක් පමණ ස්ථාපනය කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දේශයට කීය.

මෙයට අමතරව කොළඹ, අංගොඩ, අයි.ඩී.එච්. උණ රෝහලේ වෙනම විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරේ. එය පිහිටවනු ලබන්නේ හදිසියේ කිසියම් දරුවකු විභාගය අතරතුර කොරෝනා රෝගයට ගොදුරු වුවහොත් ඔහුට හෝ ඇයට රෝහලේ සිටම විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීමටය. 

ඇඳිරිනීතිය බලපවත්නා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවල සහ කොළඹ පාසල්වල විභාග අපේක්ෂක අපේක්ෂිකාවන් 1500ක් සිටින බවද ලේකම්වරයා පැවසීය.

දිවයිනේ සෑම විභාග මධ්‍යස්ථානයක් සඳහාම සහකාර විභාග කොමසාරිස්වරයකු බැගින් පත් කරන බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.