2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

රෝහල් ඇඳන් මදි වෙන්න පුළුවන්ලු

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

l හසිත් අංජන

කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් ඔවුන්ට අවශ්‍ය වන රෝහල් ඇඳන් සැපයීමේ ගැටලුවක් මතුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දේශයට පැවසීය. 

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බව ඔහු කීය. 

මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළිවෙමින් පවතින බවද සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.