දේශපාලන වාර්තාකරු l
හදිසියේ නැවතත් මතු වූ කොරෝනා රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමටත් නිරෝධායනයට ලක්කර සිටින ගම්පහ දිසාවේ පවුල්වල ආහාරපාන අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් රුපියල් මිලියන 315ක මුදලක් මහා භාණ්ඩාගාරය වහා නිදහස් කරන ලද බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.
සෞඛ්‍ය පහසුකම්වලට අදාළ මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයටත් ඇඳිරිනීතියෙන් පීඩාවට පත් නිරෝධායන පවුල්වල ජනතාවට වියළි ආහාර සැපයීම සඳහා අවශ්‍ය මුදල් ගම්පහ දිසාපතිවරයාටත් ලබාදුන් වගත් ලේකම්වරයා වැඩිදුරටත් කීය. දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 18ක ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙන බැවින් ජනතාව සඳහා සහන සැලසීමට රජයට සිදුව තිබේ.